රුසියාවට අයත් ක්‍රයිමීන් අර්ධද්වීපයේ පිහිටි වරාය නගරයක් වන කර්ච්හි සිදුවූ පිපිරුමකින් 10දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ගෑස් ටැංකියක් පිපිරීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි මූලික පරීක්ෂණ වලදී හෙළිවූ බව පොලිසිය පවසයි.
කෙසේ වුවද මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව රුසියානු ආරක්ෂක අංශ වාර්තා කර ඇත. පුපුරාගොස් ඇත්තේ කුමක් ද යන්න හඳුනාගෙන නොමැති බවත් පැවසේ.
පිපිරීම සිදුවී ඇත්තේ වෘත්තීය පුහුණු ආයතනයක වන අතර මහල් දෙකකකින් යුත් ගොඩනැගිල්ලේ පහත මාලයේ පිපිරීම සිදුව ඇති බවත් සඳහන් වේ.සිසුන් බොහෝ දෙනෙකු අනතුරටපත්වී ඇත.
තුවාල ලැබූ පිරිස් රෝහලට රැගෙන එමින් පවතින බව බලධාරීහු පවසති.
(රොයිටර් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd