වොෂින්ටන්හිදීය/නිව්යෝක්හිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් සහ නළු රොබට් ඩි නිරෝ යන අයගේ නිවාසවලට ද බෝම්බ යවා ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද වාර්තා සඳහන් කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් යන අයගේ නිවෙස්වලට සැක කටයුතු පාර්සල් යවා ඇති බවට අනාවරණය වීමෙන් දිනකට පසු ඒ බව වාර්තා විය.
ඊට අමතරව ඩිමොක්‍රටික් පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයන් කිහිපදෙනකුගේ නිවාසවලට සහ ඇමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා විවේචනය කරන කිහිපදෙනකුගේ නිවාසවලට බෝම්බවලට සමාන බව කියන දෑ සහිත සැක කටයුතු පාර්සල් යවා ඇතැයි ද එරට බලධාරිහු සඳහන් කරති.
සී.එන්.එන් පුවත් සේවයේ කාර්යාලයකට ද එවැනි පාර්සාලයක් යවා තිබූ බව වාර්තා විය.
මේ අනුව විවිධ ස්ථානවලට යවන ලද පාර්සල් සංඛ්‍යාව 10ක් බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් වාර්තා වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ එෆ්.බී.අයි ආයතනය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ලබන මස 6 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතය. මෙවර මැතිවරණයේදී සෙනට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය තමන් සතු කරගනිමින් එහි පාලනය සියතට ගැනීමට රිපබ්ලිකන් පක්ෂය සූදානම් සිටී.
මෙලෙස සැක කටයුතු පාර්සල් යවා ඇත්තේ මැතිවරණය ඉලක්ක කරගනිමින් ද යන සැකය මතුව තිබේ.
කිසිවකුත් මෙලෙස පාර්සල් එවීමේ වගකීම බාරගෙන නොමැති අතර කිසියම් හෝඩුවාවක් තිබේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන්නැයි එෆ්.බී.අයි ආයතනය මහජනතාවට දැනුම් දී ඇත.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැක කටයුතු පාර්සල් එවීම හෙළා දකින බව කී නමුත් ඉන් පසුව මාධ්‍යය වෙත දොස් පැවරීය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd