‘ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක් මැතිවරණ පැවැත්වීමට සුදුසු කාලය පැමිණි විට ප්‍රමාද නොකර ඒවා පැවැත්විය යුතු යැයි ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති යර්න් රොද පැවැසීය.
මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණයක් බව සඳහන් කළ විශේෂීත අවස්ථාවකදී හැර නියමිත කාලයේදී මැතිවරණ පැවැත්විය යුතු යැයි ජර්මානු තානාපතිවරයා කීය.
ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රමාදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තානාපතිවරයා ඒ බව සඳහන් කළේය.
“මම මේ බව මාලදිවයිනේදීත් කියා සිටියා. මගේ රට වුවත් ශ්‍රී ලංකාව වුවත් ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක් මැතිවරණ පැවැත්වීමට සුදුසු කාලය පැමිණි විට ප්‍රමාද නොකර ඒවා පැවැත්විය යුතුයි.
හැමෝම නීතියට යටත්. විශේෂයෙන්ම කාලය ඉක්මවූ විට හැකි ඉක්මණින් මැතිවරණ පැවැත්විය යුතුයි”.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ නම් එක දවසක් වත් පරක්කු කරන්නේ නම් නැත.