ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ප්‍රබල පහරක් එල්ල කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පාලනය තමන් සතු කරගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව සිටි.
ඩිමොක්‍රටික් පක්ෂය ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පාලනය තමන් සතු කරගත්තේ වසර අටකට පසුවය. මේ තත්ත්වයත් සමඟ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට බාධා එල්ල වනු ඇත.
කෙසේ නමුත් ජනාධිපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සෙනට් සභාවේ බලය අල්ලා ගැනීමේ සටනක නිරත වී සිටියි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් දේශපාලන තත්ත්වය ධ්‍රැවීකරණය වෙමින් පවතින බවත් අඟහරුවාදා (6) පැවැති මැතිවරණය ජනාධිපති ට්‍රම්ප් සම්බන්ධයෙන් පැවැති ජනමත විමසුමක් යැදි බොහෝ විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙනු ලැබිණි. කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් 2020 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවනු ඇතැයි පැවසේ.
ඩිමොක්‍රටික් පක්ෂය මධ්‍යවාර මැතිවරණයෙන් ජය ලැබීම ඓතිහාසික ප්‍රවණාතව තවදුරටත් තහවුරු වීමකි. ඉතිහාසයේ සෑම අවස්ථාවකදීම මධ්‍යවාර මැතිවරණයේ ජය හිමිවූයේ ජනාධිපතිවරයාගේ පක්ෂයට නොව අනෙක් පක්ෂයටය.
ඒ.එෆ්.පී/රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd