දකුණු කොරියානු ට්‍රෝලර් යාත්‍රාවක් හා ජපාන ධීවර බෝට්ටුවක් ජපාන මුහුදේදී එකිනෙක ගැටී ඇතැයි වාර්තා වේ.අනතුර සිදුවන අවස්ථාවේ ට්‍රෝලර් යාත්‍රාවේ සිටි නාවිකයන් 13දෙනාම අවට යාත්‍රා කරමින් තිබූ ධීවර බෝට්ටු මගින් බේරා ගැනීමට සමත් වී ඇතැයි බලධාරීහු පවසති.

අනතුර හේතුවෙන් ට්‍රෝලරයේ කොටසක් ගිලී ඇති බව දකුණු කොරියානු වෙරළ ආරක්ෂක භටයින් පවසයි.

ජපානය පවසන්නේ ඔවුන්ගේ බෝට්ටුවේ සිටි කිසිවකුටත් අනතුරු සිදුවී නැති බවෙයි. 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)