IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව පරීක්ෂණයක්

වොෂින්ටන්හිදීය (රොයිටර්)

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එරට අධිකරණ දෙපාර්තමේන්තුවේ සහ එෆ්.බී.අයි ආයතනයේ කටයුතුවලට මැදිහත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව එරට බලධාරිහු සඳහන් කරති.

ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ සහ එෆ්.බී.අයි ආයතනයට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කරන ලද මැදිහත්වීම සම්බන්ධයෙන් එලෙස පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වේ.

නොවැම්බර් 6 වැනිදා පැවැති ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍ය වාර මැතිවරණයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය දිනාගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්වූ අතර ඒ අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කමිටුවේ සභාපතීත්වය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිව තිබේ. එම කමිටුවේ ප්‍රධානත්වයෙන් එලෙස ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය සම්න්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ ෆෙඩරල් නීති නිලධාරීන් ලිපියක් ද යොමු කර ඇතැයි වාර්තා වේ. 

ඩිමොක්‍රටික් පක්ෂයේ ජෙරල්ඞ් නාඞ්ලර් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කමිටුවේ ප්‍රධානීත්වය හොබවන අතර ඔහු වැඩබලන නීතිපති මැතිව් විටේකර්ට සහ එෆ්.බී.අයි ආයතනයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆර් ව්රේට ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂය යොමු කරන ලිපි 100කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ද නියෝග කර ඇත. ඒ අනුව වැඩබලන නීතිපතිවරයාට සහ එෆ්.බී.අයි ආයතනයේ අධ්‍යක්ෂවරයාට දෙසැම්බර් 31 වැනිදා දක්වා කල් දී තිබේ. 

055

 



අදහස් (0)

ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව පරීක්ෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site