වොෂින්ටන්හිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට ලොව සෑම තැනින්ම විරෝධය එල්ල වී ඇතැයි ඉරානයේ උත්තරී නායක අයතුල්ලා අලී කමේනි පැවැසීය.
ඇමෙරිකාව ඉරානයට සම්බාධක පැනවීමට නියමිතව තිබියදී ඉරානයේ උත්තරීතර නායකයා එම කරුණු කීවේය.
ඇමෙරිකාව ඉරානයේ තෙල් අපනයන සහ මූල්‍ය ක්ෂේත්‍රවලට සම්බාධක පැනවීමට නියමිතය.
“ට්‍රම්ප් ගන්නා හැම තීරණයකට ලෝකය විරුද්ධ වෙනවා” යැයි සිසුන් පිරිසක් අමතමින් උත්තරීතර නායකයා කීය.
“ඇමෙරිකාව ඉරානය ඔවුන්ගේ යටතට ගැනීමට උත්සාහ කරනවා. ඔවුන් 1979 වසරට පෙර ඉරානය තුළ ඔවුන්ගේ ආධිපත්‍යය ව්‍යාප්ත කරගෙන සිටියා. ඉරාන විප්ලවයේදී ඇමෙරිකාවට හිතවත් පාලනය පෙරළා දැමුවා. ඇමෙරිකා පසුගිය වසර 40ක කාලයේදී ඉරානය ඇමෙරිකාව පරාජයට පත් කළා” යැයි ද හෙතෙම කීවේය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd