ඊශ්‍රායලයේ කමාන්ඩෝ බළඇණිය ගාසා තීරයේ සිදුකළ මෙහෙයුමකින් පසු ඊශ්‍රායල හමුදා හා පලස්තීන සටන්කාමීන් අතර යළි ගැටුම් ඇවිළී තිබේ.
ඊශ්‍රායලය සිදුකළ මෙහෙයුමේ දී පලස්තීන හමාස් සන්නද්ධ නායකයකු ඇතුළු 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය. ජිවිතක්ෂයට පත්වු අය අතර ඊශ්‍රායල හමුදා සෙබළෙකු ද සිටි බව පැවසේ.
පසුව ගාසා තීරයේ සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායලය වෙත රොකට් සහ මෝටාර් ප්‍රහාර එල්ල කර ඇති බවත් ඊට ප්‍රති ප්‍රහාර වශයෙන් හමාස් සහ ඉස්ලාමීය බලකොටු වෙත ප්‍රහාර 70 කට වැඩි සංඛ්‍යාවක් ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලදී.
මෙම ප්‍රහාර වලින් පලස්තීන ජාතිකයන් 3 දෙනෙකු මිය ගොස් 9 දෙනෙකු තුවාල ඇති බවත් රොකට් ප්‍රහාර වලින් ඊශ්‍රායල ජාතිකයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
(28535)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd