ඊජිප්තුවේ මින්යා පළාතේ දේවස්ථානයක් ආසන්නයේදී බස් රථයකට එල්ල කළ ප්‍රහාරයකින් ක්‍රිස්තියානි ලබ්දිකයින් 07ක් පමණ මියගොස් 14 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
දේවස්ථානයට පැමිණි එකම පවුලේ 28දෙනකු බස් රථය තුළ ගමන් කර ඇති බව පැවසේ.
ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති වුවද මේ ආකාරයේ ප්‍රහාර එල්ල කරනු ලබන්නේ අයිඑස් සාමාජිකයින් විසින් බව මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම ස්ථානය අසල 2017 වර්ෂයේදී ද ක්‍රිස්තියානි ලබ්දිකයින් 28 දෙනකු ඝාතනය කරනු ලැබීය.
(රොයිටර් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd