උතුරු කොරියානු හිතුවක්කාරයාගේ මිසයිල අත්හදා බැලීම
මිසයිලයේ ගමන් මඟ තහවුරු කර ගත් සැණින්, ජපාන රජය හොකයිඩෝ දූපත් වැසියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් කළේය. මිසයිලය දූපතට පතිත වූයේ නම්, එය පහර දී උඩු ගුවනේදීම පුපුරුවා හැරීමට ජපාන හමුදාව සීරුවෙන් සිටියේය. වාසනාවකට මිසයිලය පතිත වූයේ හොකයිඩෝ ආසන්නයේ මුහුදටය. කිසිවකුටත් අනතුරක් සිදු නොවිණි. කෙසේ නමුත් මිසයිලය ජපානයට අයත් ගුවන් සීමාව පසු කරද්දී මගී ගුවන් යානයකට වැදීමේ අවදානමක් පැවැතිණි.