IMG-LOGO

බ්‍රිතාන්‍යය අගමැතිනියගෙන් මන්ත්‍රීවරුන්ට අනතුරු ඇඟවීමක්

ලන්ඩන්හිදීය (රොයිටර්)

බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ ඇයගේ කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට යුරෝපා සංගමය සමඟ ඇති කරගත් ගිවිසුමට සහාය දෙන්නේ ද නැද්ද යනුවෙන් තේරීම් දෙකක් ලබා දී ඇතැයි වාර්තා වේ. 

තමන් යුරෝපීය සංගමය සමඟ ඇති කරගත් ගිවිසුමට සහාය ලබාදෙන්න නැතහොත් එය ප්‍රතික්ෂේප කර බ්‍රිතාන්‍යය වඩාත් බෙදීමකට සහ අවිනිශ්චිත තත්ත්වයකට පත් කරන්න යැයි බ්‍රිතාන්‍යය  අගමැතිනිය මන්ත්‍රීවරුන්ට තරමක තර්ජනාත්මක ස්වරූපයෙන් පවසා ඇතැයි ද වාර්තා වේ. 

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳව ගිවිසුමක් ඉරිදා (25) යුරෝපා සංගමයට ඉදිරිපත් කෙරුණු අතර යුරෝපා සංගමයේ නායකයෝ අදාළ ගිවිසුම අනුමත කළහ. එමෙන්ම එහිදි දේශපාලන ප්‍රකාශනයක් ද අනුමත කරගනු ලැබිණි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසු දෙපාර්ශවය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදාළ දේශපාලන ප්‍රකාශනයෙන් අවධානය යොමු කර ඇත. 

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ ඉදිරිපත් කළ ගිවිසුමට ඇයගේ කන්සර්වේටිව් පක්ෂයෙන් ඇතැම් කොටස්වලින් මෙන්ම එරට ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයෙන් ද විරෝධයක් එල්ල වී ඇත. එපමණක් නොව උතුරු අයර්ලන්තයේ අගමැතිනි තෙරේසා මේ ට සහාය දක්වන පාර්ශ්ව ද අදාළ ගිවිසුම විවේචනය කර ඇත. 

055

 



අදහස් (0)

බ්‍රිතාන්‍යය අගමැතිනියගෙන් මන්ත්‍රීවරුන්ට අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1798 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 578 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site