සිඞ්නිහිදීය (රොයිටර්)

ඕස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් හදිස් රැස්වීමක් කැඳවමින් සුළුතර ආණ්ඩුව මැතිවරණයෙන් විශාල පරාජයකට හිමිකම් කීමේ අවදානමක් පිළිබඳව අනතුරුව අඟවා ඇත. 

අර්බුදයකට පත්ව සිටින තම ලිබරල් පක්ෂයේ සාමාජිකයන් කැඳවමින් ඔහු සිය සුළුතර ආණ්ඩුවේ අනාගතය පිළිබඳව එලෙස අනතුරු අඟවා තිබේ. ඉදිරි මාස හයක කාලය ඇතුළත පැවැත්වීමට නියමිත මැතිවරණයේදී ආණ්ඩුව දරුණු පරාජයකට පත්වීමේ අවදානමක් ඇති බව ඔහු එම හමුවේදී ප්‍රකාශ කර ඇත.

සෙනසුරාදා පැවැති ප්‍රාන්ත මැතිවරණයේදී ලිබරල් පක්ෂය පරාජයට පත්වීමත් සමඟ ලිබරල් පක්ෂ නායකත්වයෙන් යුත් ‘ලිබරල්-නැෂනල්’ සන්ධාන ආණ්ඩුව අනාගතය පිළිබඳව අවදානමක් හටගෙන තිබේ. 

සාකච්ඡාව පලදායී බව සඳහන් කළ ඕස්ට්‍රේලියාවේ මුදල් අමාත්‍ය ජොෂ් ෆ්‍රීඩන්බර්ග් හමුවේදී සාකච්ඡා වූයේ මොනවාද යන්න පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය. 

ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය ලබන වසරේ මැයි මාසයේදී පැවැත්වීමට නියමිතය. දැනට කර තිබෙන සමීක්ෂණවලට අනුව ලිබරල් පක්ෂය මැතිවරණයේදී කම්කරු පක්ෂය හමුවේ දැවැන්ත පරාජයකට පත්වනු ඇතැයි පැවසේ. 

මේ මස මුලදී ස්කොට් මොරිසන් එක් ආසනයකින් පාර්ලිමේන්තුවේ බහුතර තහවුරු කරගැනීමට සමත්ව තිබිණි. කෙසේ නමුත් පාර්ලිමේන්තුවේ තමන්ට බහුතරය නොමැති බවත් පවත්වාගෙන යන්නේ සුළුතර ආණ්ඩුවක් බවත් ස්කොට් මොරිසන් පසුව තහවුරු කළේය. 

055