ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර කෝස්ට් පළාතේ දේවස්ථානයක සිදුවූ පිපිරීමකින් 26දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. සිද්ධියෙන් 50ක් පමණ තුවාල ලබා ඇත.

මියගිය සියලු දෙනා ඇෆ්ගන් ආරක්ෂක අංශයට අයත් අය බව සඳහන් වේ.

පිපිරීම සිදුවූ දේවස්ථාන ගොඩනැගිල්ල ඇෆ්ගන් හමුදා කඳවුරක් පිහිටා තිබූ බවත් එම අවස්ථාවේ හමුදා සෙබලුන් දේව මෙහෙයකට සහභාගී වෙමින් සිටි බවත් පැවසේ.

බලධාරීන් පවසන්නේ මෙය මරාගෙන මැරෙන වර්ගයේ ප්‍රහාරයක් බවයි.කෙසේ වුවද ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැත.

(බිබීසී ඇසුරිණි - 085)