පකිස්ථානයේ කරච්චි නුවර චීන තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ  වෙඩි  හුවමාරුවකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු මියගොස් ආරක්ෂක නිලධාරියෙකුට තුවාල සිදුවී තිබේ.
 
තුවක්කුකරුවන් හතරදෙනකු තානාපති කාර්යාලයට ඇතුළු වීමට කළ  උත්සාහය ආරක්ෂක නිලධාරීන් විසින් වලක්වා ඇති අතර එහිදී ඇතිවූ වෙඩි හුවමාරුවේදී මොවුන්ගෙන් තුන්දෙනකු පොලිසිය විසින් මරාදැමූ බව මාධ්‍ය වාර්තා කර ඇත.
 
තානාපති කාර්යාලයෙන් පිටත අප්මාර්කට් ක්ලිෆ්ටන් කලාපයේ වෙඩි ශබ්ද ඇසුණු බව පැවසේ.
 
තානාපති කාර්යාලය තුල සේවයේ යෙදී සිටි කිසිවකුටත් හානියක් නොමැති බව බලධාරීහු පවසති.
 
දුම්රොටු අහසට පිටවනු නිරීක්ෂණය කළ බව ඒ අවට ජනතාව  පවසා ඇත.
 
බලුකිස්ථාන පළාතේ ක්‍රියාත්මක බෙදුම්වාදී කණ්ඩායමක් මෙම ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති බව වාර්තා වේ.
 
(බීබීසී ඇසුරිණි - 085)