ලිබියානු මුහුදේ යාත්‍රාවක් ගිලී 90ක් මියයති
ලිබියාවට නුදුරින් මුහුදු තීරයේදී සංක්‍රමණිකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් ගිලී යෑමෙන් 90ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය පවසන්නේ බෝට්ටුවේ ගමන්ගත් අයගෙන් දිවිබේරාගැනීමට හැකිවි ඇතිතේ තිදෙනකුට පමණක් බවයි.