බර්කිනාෆාසෝහි නැගෙනහිර බොවුන්ගොවු ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් හතර දෙනෙකු ඇතුළු පස් දෙනකු මියගොස් ඇත.
ක්ෂණික ස්පෝටක උපකරණයකින් මෙම පිපිරීම සිදු කර ඇතැයි පොලිසිය පවසයි.
රත්‍රන් පතලක සේවය කරන කම්කරුවන් පිරිසකට ආරක්ෂාව සැපයීමට මෙම පොලිස් නිලධාරීන් පිරිස ගොස් සිටි අතරතුර ප්‍රහාරයට ලක්වී ඇත.
ප්‍රදේශයේ මෙවන් ප්‍රහාර එල්ල කරන්නේ ජිහාදි සටන්කාමීන් විසින් බව මාධ්‍ය වාර්තා කර ඇත.
පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා පොලිස් නිළධාරින් 40ක් පමණ මෙවන් ප්‍රහාර වලින් මියගොස් ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd