පැසිෆික් සාගරයේ නිව්කැලිඩෝනියා දිවයින ආසන්නයේ රිච්ටර් මාපාංක 7.5ක විශාලත්වයෙන් යුත් ප්‍රබල භූ චලනයක් සිදුවී ඇතැයි වාර්තා වේ.
කිලෝමීටර් 1000ක් ඇතුළත වෙරළ තීරයන් සඳහා පැසිෆික් සුනාමි මධ්‍යස්ථානය විසින් සුනාමි අනතුරු ඇඟවීම් සංඥා නිකුත් කර ඇත.
නිරීක්ෂකයින් පවසන්නේ සුනාමි රැළි ඇතිවනු දක්නට ලැබුණු බවයි.
නිව්කැලිඩෝනියාවේ ලෝයල්ටි දූපතේ තදිනේ නගරයට කිලෝමීටර් 168ක්ගිණිකොන දිගින් හා කිලෝමීටරු 10ක් ගැඹුරින් කම්පනයේ කේන්ද්‍රය පිහිටා තිබූ බව සඳහන් වේ.
පැසිෆික් භූ කම්පන වළල්ල ලෙස හැඳින්වෙන සක්‍රීය කළාපය තුළ නිව්කැලිඩෝනියාව පිහිටා ඇති බැවින් නිරන්තරවම භූ කම්පනයන්ට ලක්වන බව මාධ්‍ය වාර්තා කර ඇත.
මෙය ප්‍රංශයට අයත් භූමි භාගයක් වන අතර 270 000ක පමණ ජනග්‍රහනයක් වාසය කරති.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd