ප්‍රංශ රොකට්ටුවක ආධාරයෙන් ඉන්දියාව විශාල චන්ද්‍රිකාවක් ගුවන්ගත කර ඇත.
මෙම චන්ද්‍රිකාව උපයෝගි කරගෙන අන්තර්ජාල සබඳතා පුළුල් කිරීම අරමුණු වී ඇත.
GST-11ලෙස නම් කර ඇති මෙය කිලෝග්‍රෑම් 585ක බරකින් යුතු බවත් ඉතා දියුණු තාක්ෂණයකින් සමන්විත සන්නිවේදන චන්ද්‍රිකාවක් බවත් බලධාරීහු සඳහන් කරති.
ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පවසන්නේ අද(05) උදෑසන ප්‍රංශයේ කොවුරොවු අභ්‍යවකාශ තොටුපලින් චන්ද්‍රිකාව ගුවන්ගත කළ බවයි.
මෙමගින් සමස්ථ ඉන්දියාව පුරා සන්නිවේදන ජාලය පුලුල් වෙනු ඇති බවත් හදිසි හා ආපදා අවස්ථාවලදී ප්‍රයෝජනවත් වනු ඇති බවත් පැවසේ.
එසේම ගුවන් ගමන් වලදී අඛණ්ඩ අන්තර්ජාල සැපයුමක් ලැබෙනු ඇති බවද සඳහන් වේ.
දැනට ඉන්දියාවේ මිලියන 440ක් පමණ අන්තර්ජාලය පරිශීලනය කරන අතර 2022 වනවිට මෙය දෙගුණයක් වනු ඇතැයි බලාපොරොත්තු වේ.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉන්දියාව දියුණු තාක්ෂණයෙන් යුත් චන්ද්‍රිකාවක් ගුවන්ගත කරයි