රුසියාව - ඉන්දියාව හා චීනය පොදු එකඟතාවක ජාත්‍යන්තර කටයුතුවලදී නීතියේ ආධිපත්‍ය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා රුසියාව, ඉන්දියාව සහ චීනය එකඟතාවකට එළැඹ තිබේ. 12 December 2017
න්‍යෂ්ටික අත්හදා බැලීම් සීමා කිරීමේ සාකච්ඡා දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවලදී උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම් සීමා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. 12 December 2017
අමෙරිකාව හුදකලා වෙයි ඇමෙරිකා එක්සත් ජනපදය ජෙරුසලෙම ඊශ්‍රායලයේ අගනුවර ලෙස හඳුනාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැති එක්සත් ජාතීන්ගේ විශේෂ ආරක්ෂික කවුන්සිල හමුවේදී ඇමෙරිකා එක්සත් ජනපදය හුදකලා වී තිබේ. 10 December 2017
එක්සත්ජාතින්ගේ සාම නියෝජිතයන් 14 ක් මරුට - 53 කට තුවාල කොංගෝ සමූහාණ්ඩුවේ උතුරුදිග කිවූ පළාතේ කැරළි කණ්ඩායම් සිදුකළ ප්‍රහාරයකදී එක්සත් ජාතින්ගේ සාම නියෝජිතයන් 14දෙනකු මියගොස් 53දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 09 December 2017
ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගනීයි ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිවේදනය කර ඇත. 07 December 2017
ඇමරිකාව හා දකුණු කොරියාව යුද අභ්‍යාසයක ඇමෙරිකාවට අයත් බී - 1බී වර්ගයේ බෝම්බ ප්‍රහාරක යානා කොරියානු අර්ධද්වීපයට ඉහළින් පියාසර කළ බව දකුණු කොරියාවේ යොන්හැප් ප්රවෘත්ති ඒජන්සිය පවසයි. 06 December 2017
ලැව්ගින්නක් හේතුවෙන් කැලිෆෝර්නියාවේ 27000ක් ඉවතට ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පැතිරෙන ලැව්ගිනි හේතුවෙන් ලෝස් ඇන්ජලීස් වලට දකුණින් පිහිටි වෙන්ටුරා සහ සැන්ටා පවුලා නගරවල 27000ක පමණ පිරිසක් නිවෙස් වලින් ඉවත් කරනු ලැබ ඇතැයි වාර්තා වේ. 05 December 2017
ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසෙලම වුනොත් ගැටලු රැසක් ඇමෙරිකා එක්සත් ජනපදය ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගතහොත් දරුණු ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇතැයි ජෝර්දාන විදේශ අමාත්‍යවරයා අනතුරු අඟවා තිබේ. 05 December 2017
එක්සත් ජාතීන්ගේ ඉහළ නිලධරයෙක් උතුරු කොරියාවේ සංචාරයක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන අංශ ප්‍රධානී ජෙරී ෆෙල්ට්මන් මහතා අද (5) හදිසියේම උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට සූදානම්ව සිටින බව වාර්තා වේ. 05 December 2017
යේමනයේ හිටපු ජනපති මරා දමලා යේමනයේ හිටපු ජනපති අලි අබ්දුල්ලා සලාහ් මරා දමා ඇති බව යේමන් මාධ්‍ය වාර්තා කර ඇත. 04 December 2017
ධීවර යාත්‍රාවක් හා තෙල් නැවක් ගැටී 13 ක් මරුට දකුණු කොරියාවේ සියොල් නගරයට බටහිරින් පිහිටි ඉන්චියොන් වරාය නගරයේ වෙරළාසන්න මුහුදු තීරයේදී ධීවර යාත්‍රාවක්, තෙල් නැවක් හා ගැටීමෙන් 13දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 04 December 2017
ඕකී කුණාටුවෙන් ඉන්දියාවේ 14ක් මරුට ඉන්දියාවේ නිරිත දිග ප්‍රදේශයට ඇතුළු වූ ඕකි සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂද්වීප් දිවයිනේ 14 දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 03 December 2017
පාකිස්තානයේ පාසලකට වෙඩි තැබීමෙන් 9 ක් මරුට පාකිස්ථානයේ පෙෂවර් නගරයේ පාසලකට බෝම්බ සහ වෙඩි ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් 9දෙනකු මියගොස් 36 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ප්‍රහාරයෙන් මියගිය අය අතර සිසුන් අට දෙනකු හා කාර්යාල සේවකයෙකු සිටින බව පොලිසිය පවසයි. 02 December 2017
තෙරේසා ගේ ඇස යොමුවිය යුතු තැන ට්‍රම්ප් පෙන්වයි ත්‍රස්තවාදය කෙරෙහි අවධානය යොමු කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ට අවධාරණය කර සිටී. 01 December 2017
‘ඔබාමාගෙයි ට්‍රම්ප්ගෙයි එච්චර වෙනසක් නෑ‘ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා මහතා සහ වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා අතරේ සැලකිය යුතු වෙනසක් නැතැයි රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් මහතා පවසයි. 30 November 2017
උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි බලසම්පන්න අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව අද (29) නිවේදනය කළේය. 29 November 2017
රෝහින්ග්‍යා සරණාගතයින්ට බංගලාදේශයේ දූපතක් වෙන් කෙරේ අසල්වැසි මියන්මාරයේ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පලා ආ රෝහින්ග්‍යා සරණාගතයින්ට තාවකාලික නිවාස සකස් කිරීම සඳහා බෙංගාල බොක්කේ පිහිටි බෂාන් චා දූපත සංවර්ධනය කිරීමට බංගලාදේශ රජය සැලසුම් කර ඇත. 29 November 2017
රුසියාවේ චන්ද්‍රිකාව අතුරුදහන් රුසියාව අභ්‍යවකාශගත කළ මීටියෝ - එම් නම් කාලගුණ චන්ද්‍රිකාව සමඟ තිබූ සියලු සබඳතා ගුවන්ගත කර පැය කිහිපයකට පසු බිඳවැටුණු බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි. 28 November 2017
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරන්න යයි ඉන්දුනීසියාවේ බාලි දූපතේ අගුන් ගිනි කන්ද පිපිරීමට ආසන්න බවට කළ අනතුරු ඇඟවීම් හේතුවෙන් ලක්ෂයක් පමණ පිරිසක් ඉවත්කරනු ලැබ ඇතැයි වාර්තා වේ. 28 November 2017
පාප්තුමෝ බුරුම සංචාරයක අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද (27) බුරුමය හෙවත් මියන්මාරයට සැපත්වූහ. ලොව බහුතරයක් වෙසෙන කතෝලිකයන්ගේ ‘රෝමානු කතෝලික පල්ලියේ’ නායකයා වන පාප්වහන්සේ බෞද්ධයන් බහුතරයක් වෙසෙන මියන්මාරයට පැමිණියේ එරටට ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවලින් වාර්ගික සුද්දයක් කරන බවට චෝදනා එල්ල වී තිබෙන මොහොතකය. 27 November 2017
ඉස්ලාමාබාද් නුවර ගැටුම්වලින් 200කට තුවාල විරෝධතාකරුවන් සහ පොලිසිය අතර දෙවැනි දිනයටත් පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්නුවර ගැටුම් ඇති වී තිබේ. පාකිස්තාන මාධ්‍ය වාර්තාවලට අනුව ගැටුම් හේතුවෙන් හය දෙනකු මියගොස් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. 26 November 2017
ඉරානයෙන් යුරෝපයට අනතුරු ඇඟවීමක් යුරෝපය ඉරානයට තර්ජනය කළහොත් මිසයිලවල පරාසය වැඩි කරන බව ‘ඉරාන විප්ලවීය ආරක්ෂක බලාකායේ’ දෙවැනියා ප්‍රකාශ කර ඇතැයි එරට ‘ෆාර්ස් පුවත් සේවය’ වාර්තා කරයි. 26 November 2017
බෝට්ටු අනතුරෙන් සරණාගතයන් 31ක් මරුට ලිබියාවට එපිටින් මුහුදු තීරයේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 31දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 26 November 2017
රොහින්ග්‍යා ගැන ගිවිසුමක් බංගලාදේශය සහ මියන්මාරය අද (23) රොහින්ග්‍යා සරණාගතයන් සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹ තිබේ. ඒ අනුව හමුදාව දියත් කරන ලද ප්රචණ්ඩත්වය නිසා බංගලාදේශයට පලාගිය රොහින්ග්යවරුන් නැවත මියන්මාරය වෙත ලබාදීම වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. 23 November 2017
සිරියානු යුද්ධය නැවැත්වීම නව අදියරකට සය අවුරුද්දක් මුළුල්ලේ පවතින සිරියානු යුද්ධය නැවැත්වීමේ ක්‍රියාවලිය නව අදියරකට පිවිස ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා පවසයි. 23 November 2017
අය වැය හදද්දී යුරෝපා සංගම් රටවල් හයක් නීති කඩලා යුරෝපා සංගමයේ සාමාජික රටවල් හයක් ඔවුන්ගේ ජාතික අයවැය සැකසීමේදී එම සංගමයේ නීතිරීති කඩකරනු ඇතැයි යුරෝපා කොමිසම සඳහන් කරයි. 22 November 2017
ප්‍රංශ කතුන්ට පඩි නැතිව වැඩ කරන්න වෙලා ස්ත්‍රී හා පුරුෂ වැටුප් විෂමතාව ඉවත් කර සැමට සමානව සැලකීය යුතුය යනුවෙන් මේ දිනවල ප්‍රංශයේ සමාජ කථිකාවක් ඇරඹී ඇත. 22 November 2017
පැරිස් ප්‍රහාරයේ මහ මොළකරු ගොළුවෙයි පසුගිය 2015 නොවැම්බර් 13 වැනි දා සාහසික ප්‍රහාරය එල්ල වුයේ 80,000ක් නරඹන්නන් සිටි පැරිස් පාපන්දු ක්‍රීඩාංගනය, පැරිස් කලාප අංක 10 හි රසිකයෝ දෙදහක් පිරි ඵෙතිහාසික 22 November 2017
බෝම්බ ප්‍රහාරයකින් නයිජීරියාවේ 50ක් මරුට නයිජීරියාවේ නැගෙනහිර අදමාවා පළාතේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 50 දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. 22 November 2017
‘උතුරු කොරියාව ත්රස්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දක්වනවා‘ ත්රස්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දක්වන රටවල් ගොන්නට උතුරු කොරියාව ද ඇතුළත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා කටයුතු කර තිබේ. 21 November 2017
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026