වසරක මෙහෙයුමක් සඳහා චීනය සිය දෙනෙකුගෙන් සමන්විත සාම සාධක භට කණ්ඩායමක් සූඩානය වෙත යවා ඇත.
ඔවුහු ඊයේ බීජිං අන්තර්ජාතික ගුවන් තොටුපළේ සිට සුඩානයේ ඩාෆූර් බලා පිටත්වූහ.
චීනය විසින් සුඩානයට යවන 15 වන සාම සාධක භට කණ්ඩායම වේ.
පළමු කණ්ඩායම සාමාජිකයන් 225කින් සමන්විත වූ අතර දෙවන කණ්ඩායම දෙසැම්බර් 18 වැනිදා සුඩානයට යෑමට නියමිතය.
සුඩානය තුළ ඉංජිනේරු ව්‍යාපෘති සහ සැපයුම් පවත්වාගෙන යෑම, ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය , මාර්ග සහ නිවාස ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය ආදී කාර්යයන් මොවුන්ට පැවරී ඇත.
මෙම හමුදා භටයන් සාම සාධක මෙහෙයුම් සඳහා වන පරීක්ෂණ සමත්ව අදාළ කාර්යයන් සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ද ලබා ඇති බව කණ්ඩායමේ ප්‍රධානී ලී මෙන්ග් මහතා පැවසුවේය.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd