IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


උත්තරධ්‍රැවයේ පිණිමුවන්ගේ ප්‍රතිශතය අඩුවීමක්

උත්තරධ්‍රැවයේ කැලෑබදව වාසය කරන පිණිමුවන්ගේ ප්‍රතිශතය පසුගිය දශක දෙකක කාලය තුළ දෙගුණයකින් පහත වැටී ඇතැයි වාර්තාවකින් හෙළි වී ඇත.
 
දේශගුණික විපර්යාස මගින් උත්තරධ්‍රැවයට සිදුකරන බලපෑම සම්බන්ධව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වෙන අතර මිලියන 5ක් වූ පිණිමුවන් සංඛ්‍යාව මිලියන 2.1ක් දක්වා අඩු වී ඇතැයි පැවසේ.
 
පිණිමුවන්ගේ පැවැත්මට බාධාවන ලෙස කාළගුණික රටාවන් හා වෘක්ෂලතාදිය වෙනස්වීමට ලක්වී ඇති ආකාරය මෙම වාර්තාවේ විස්තර කර ඇත.
 
ක්‍රමයෙන් ඉහළ යන ගෝලීය උණුසුම ගස්කොලන්වල පැවැත්මට හානිකර වන බවත් උත්තරධ්‍රැවයේ උණුසුම ඉහළයෑම අහිතකර කෘමීන්ගේ වර්ධනයට හේතුවක් වී ඇති බවත් විද්‍යාඥයෝ සඳහන් කරති.
 
පීඩාකාරී කෘමීන්ගෙන් බේරී සැඟව සිටීමට ශක්තිය විශාල වශයෙන් වැයකිරීමට පිණිමුවන්ට සිදුවන බව පැවසේ.
 
වැඩි වර්ෂාපතනයක් ලැබීම ද පිණිමුවන්ට ආහාර සොයා ගැනීමේදී ගැටලු ඇති කරන බව වාර්තාවේ සඳහන් කර ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

උත්තරධ්‍රැවයේ පිණිමුවන්ගේ ප්‍රතිශතය අඩුවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site