උත්තරධ්‍රැවයේ කැලෑබදව වාසය කරන පිණිමුවන්ගේ ප්‍රතිශතය පසුගිය දශක දෙකක කාලය තුළ දෙගුණයකින් පහත වැටී ඇතැයි වාර්තාවකින් හෙළි වී ඇත.
දේශගුණික විපර්යාස මගින් උත්තරධ්‍රැවයට සිදුකරන බලපෑම සම්බන්ධව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වෙන අතර මිලියන 5ක් වූ පිණිමුවන් සංඛ්‍යාව මිලියන 2.1ක් දක්වා අඩු වී ඇතැයි පැවසේ.
පිණිමුවන්ගේ පැවැත්මට බාධාවන ලෙස කාළගුණික රටාවන් හා වෘක්ෂලතාදිය වෙනස්වීමට ලක්වී ඇති ආකාරය මෙම වාර්තාවේ විස්තර කර ඇත.
ක්‍රමයෙන් ඉහළ යන ගෝලීය උණුසුම ගස්කොලන්වල පැවැත්මට හානිකර වන බවත් උත්තරධ්‍රැවයේ උණුසුම ඉහළයෑම අහිතකර කෘමීන්ගේ වර්ධනයට හේතුවක් වී ඇති බවත් විද්‍යාඥයෝ සඳහන් කරති.
පීඩාකාරී කෘමීන්ගෙන් බේරී සැඟව සිටීමට ශක්තිය විශාල වශයෙන් වැයකිරීමට පිණිමුවන්ට සිදුවන බව පැවසේ.
වැඩි වර්ෂාපතනයක් ලැබීම ද පිණිමුවන්ට ආහාර සොයා ගැනීමේදී ගැටලු ඇති කරන බව වාර්තාවේ සඳහන් කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd