උතුරු ජපානයේ සපිරෝ නගරයේ අවන්හලක සිදු වු පිපිරීමකින් ඇති වු ගින්නකින් පුද්ගලයින් 41 දෙනකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි එරට පොලීසිය පවසයි.
පිපිරීමට හේතුව මෙතක් අනාවරණය වී නොමැති අතර ඒ මොහොතේ අවන්හලෙහි සිටි පිරිස් මෙලෙස තුවාල ලබා රෝහල් ගත කළ බව ද පොලීසිය සඳහන් කරයි. එක් අයකු බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ගෑස් කාන්දුවීමකින් සිදු වු පිපිරීමක් විය හැකි බව එරට ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.
තවත් ගින්න පැතිරී යාම වැළැක්වීම සඳහා ගිනි නිවන භට පිරිස් එක්ව ගිනි නිවීමේ කටයුතු සිදු කරන බවද මාධ්‍ය වාර්තා කරන අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.
මේ හේතුවෙන් බලපෑම් ඇති වු ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසට නගරයේ නැගෙනහිර දෙසින් කිලෝමීටර් තුනක් පමණ දුරකින් නේවාසික පහසුකම් ආහාරපාන ආදීය සකසා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.


( බි බී සි ඇසුරෙනි )
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd