උතුරු ජපානයේ සපිරෝ නගරයේ අවන්හලක සිදු වු පිපිරීමකින් ඇති වු ගින්නකින් පුද්ගලයින් 41 දෙනකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි එරට පොලීසිය පවසයි.
පිපිරීමට හේතුව මෙතක් අනාවරණය වී නොමැති අතර ඒ මොහොතේ අවන්හලෙහි සිටි පිරිස් මෙලෙස තුවාල ලබා රෝහල් ගත කළ බව ද පොලීසිය සඳහන් කරයි. එක් අයකු බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ගෑස් කාන්දුවීමකින් සිදු වු පිපිරීමක් විය හැකි බව එරට ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.
තවත් ගින්න පැතිරී යාම වැළැක්වීම සඳහා ගිනි නිවන භට පිරිස් එක්ව ගිනි නිවීමේ කටයුතු සිදු කරන බවද මාධ්‍ය වාර්තා කරන අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.
මේ හේතුවෙන් බලපෑම් ඇති වු ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසට නගරයේ නැගෙනහිර දෙසින් කිලෝමීටර් තුනක් පමණ දුරකින් නේවාසික පහසුකම් ආහාරපාන ආදීය සකසා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.


( බි බී සි ඇසුරෙනි )
(36698)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු ජපානයේ අවන්හලක පිපිරීමකින් 41කට තුවාල