තුර්කියේ අන්කාරා නුවර අධිවේගී දුම්රිය අනතුරකින් සිව් දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 
 
මෙම  අනතුරින් පුද්ගලයන්  43 දෙනෙක් තුවාල ලබා ඇති බව අන්කාරා නුවර ආණ්ඩුකාර වසිප් සහින් පැවසුවේය.  
 
අනතුර සිදු වී ඇත්තේ අන්කාරා නුවර  සිට කොන්යා පළාතට ගමන් කරමින් සිටි අවස්ථාවේදීය.

දුම්රිය දෙකක් ගැටීමෙන් අනතුර සිදු වී ඇත. 

එරට වේලාවෙන් උදෑසන 6.30 පමණ අනතුර සිදුවී ඇති අතර  අනතුරින් මෝටර් රථ දෙකකට ද හානි සිදු වී ඇත. 
 
අනතුරට පත් වූවන් මුදාගැනීමේ ප්‍රයත්නයන් මේ වන විටත් ක්‍රියාත්මක කරන බවත් සිදුවීම සම්බන්ධයෙන් තාක්ෂණික පර්යේෂණ ආරම්භ කර ඇති බවත් ආණ්ඩුකාරවරයා පැවසුවේය.
 
 
(63226)