සූඩානයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සහ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු මියගොස් ඇත.
හෙලිකොප්ටරය සන්නිවේදන කුළුණක හැපීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ පවත්වයි.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව සුඩාන් රාජ්‍ය මාධ්‍ය පැවසුවේය.
මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ ගඩාරෙෆ් ප්‍රාන්තයේ මර්ගානි සාලේ නමැති ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වන අතර ඔහු කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියකු වේ.
ඔක්තෝබර් මාසයේ දී සූඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙක් තුවාල ලබා ඇති අතර සැප්තැම්බරයේ දී සිදුවූ ගුවන් අනතුරකින් ගුවන් නියමුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd