ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීමේ අරමුණින් අප්‍රිකානු සංගමය සහ ෂැංහයි සහයෝගීතා සංවිධානය අතර සහයෝගීතා ගිවිසුමක් ඊයේ (11)  අත්සන් කර ඇත. 

වසර දෙකක සාකච්ඡාවකින් පසු මෙම ගිවිසුම අත්සන් කර තිබේ.
 
අප්‍රිකානු සංගමයේ, ත්‍රස්තවාදය පිළිබඳ අධ්‍යයන සහ පර්යේෂණ සඳහා වන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලැරී ග්බෙල්වෝ ලාටේ මහතා සහ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ කලාපීය ප්‍රතිත්‍රස්තවාදී අංශයේ ප්‍රධානී යෙව්ගෙනී සර්ගෙයෙවිච් සිසෝයෙව් මහතා දෙපාර්ශවය නියෝජනය කරමින් ගිවිසුමට අත්සන් තැබූහ.
 
ෂැංහයි සහයෝගීතා සංවිධානය 2001 වසරේදී චීනයේ ෂැංහයි නුවරදී පිහිටවූ අතර චීනය, රුසියාව, ඉන්දියාව, කිර්ගිස්තානය, කසකස්තානය, ටජිකිස්ථානය, උස්බෙකිස්ථානය හා පකිස්ථානය  යන රටවල් 8 හි සහයෝගයෙන් ක්‍රියාත්මක වන සංවිධානයකි. 
 
අප්‍රිකානු සංගමය 2004 වර්ෂයේ දී ඇල්ජීරියාවේ ඇල්ජීරිස් නගරයේ දී පිහිටවූ අප්‍රිකානු රටවල සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක වන සංවිධානයකි.
 
ගිවිසුම හරහා අප්‍රිකාව හා ආසියාව යන රටවල් දෙක තස්ත්‍රවාදය සම්බන්ධ අත්දැකීම් බෙදාහදා ගැනීම, තොරතුරු හුවමාරු කර ගැනීම, ප්‍රායෝගික පියවරයන් ක්‍රියාත්මක ආදිය පිළිබඳ සහයෝගයෙන් කටයුතු කරන බව ලැරී ග්බෙල්වෝ ලාටේ මහතා ප්‍රකාශ කළේය.
 
(63226 )