ප්‍රංශයේ ස්ට‍්‍රාස්බෝර්ග් නගරයේ නත්තල් වෙළඳසලකට වෙඩි තැබූ පුද්ගලයා ප්‍රංශ පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
ඉකුත් අඟහරුවාදා (11) සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
ප්‍රංශ පොලිසිය විසින් මෙලෙස වෙඩි තබා ඝාතනයට ලක් කෙරුණේ 29 හැවිරිදි චෙරීෆ් චෙකට් නැමැති පුද්ගලයෙකි.
සිරගෙදර තුළ දී ඉස්ලාමීය අන්තවාදී පුද්ගලයකු ලෙස මොහු කටයුතු කර තිබේ. ප්‍රංශයේ සහ ජර්මනියේ අපරාධ චෝදනා රැසකට චෙකට් සම්බන්ධ බව වාර්තා වෙයි.
මොහු සොයා සිය ගණනක් ප්‍රංශ පොලිසිය හා හමුදාව යොදා තිබිණි. චෙකට් සොයා ගැනීමත් සමඟ තම නගරය තුළ කනස්සල්ලට පත්ව සිටි ජනයාට සාමාන්‍ය ජිවිතයට නැවත පැමිණීමට හැකිවනු ඇති බව ස්ට‍්‍රාස්බෝර්ග් නගරාධිපති රොනල්ඩ් රෙයිස් මහතා පැවසීය.
(28535)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd