අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ පුවත් ප්‍රචාරය කිරීම වැළැක්වීමේ අරමුණින් සමාජීය වශයෙන් වැදගත් පනත් කෙටුම්පතක් රුසියානු රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කර ඇත.
ඉලෙක්ට්‍රොනික දත්ත පදනම් කරගනිමින් ඊයේ දිනයේ මෙම පනත් කෙටුම්පත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කර ඇති අතර ජනමාධ්‍ය සහ වෙබ් අඩවි වලට අදාළව මෙම පනත ක්‍රියාත්මක කිරීමට නියමිතය.
රුසියානු ජන ජීවිතයට සහ මහජන සාමය උල්ලංඝනය කිරීම් වලට විසදුම් වශයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාව මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ව්‍යාජ පුවත් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පරිපාලන වැරදි සඳහා වන නීති සංග්‍රහය යටතේ රූබල් තිස් දහක සිට රූබල් මිලියනය දක්වා දඩ මුදල් නියම කීරීමට පනතින් යෝජනා කර ඇත.
අදාළ පනතට සහයෝගය නොදෙන බවත් යෝජනා කර ඇති දඩ මුදල් වලට විරෝධය දක්වන බවත් රුසියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධානී වැලඩීමීර් සොලෝච්යෙව් පැවසුවේය.
මෙම පනත මඟින් ප්‍රකාශනයේ නිදහසට බාදාවක් වන බවද ඔහු පැවසුවේය.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd