බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ එකඟත්වයට අදාළව පාර්ලිමේන්තු ඡන්ද විමසීම කල්දැමීමට බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නියමිත පරිදි පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත් වුවහොත් බහුතර මන්ත්‍රීවරු පිරිසක් එය ප්‍රතික්ෂේප කරන බව ඇය කීවාය.

බ්‍රික්සිට් ගිවිසුමට අදාළ ඡන්ද විමසීම කල් දමා  නෙදර්ලන්ත අගමැති මාර්ක් රට් සහ ජර්මනියේ චාන්ස්ලර්වරිය වන ඇන්ජෙලා මර්කල් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීම ගැන නැවත කතා නොකරන බව යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් මහතා පැවසීය.

අයර්ලන්ත දේශසීමාවේ මායිම් සැලැස්ම ගැන පොදු ජනයාගේ සහය ලබා ගැනීම තවදුරටත් සහතික කිරිමට අවශ්‍ය බවද බ්‍රිතාන්‍ය අගමැතිනීය පැවසීය.

 

(බීබීසි ඇසුරෙනි) 

(28535)