බ්‍රසීලයේ සාවෝ පෝලෝහි චැම්පියන්ස් නගරයේ ප්‍රධාන දේවස්ථානයකට ඇතුළු වූ පුද්ගලයකු විසින් දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි පිරිසට එල්ල කර වෙඩි ප්‍රහාරයකින් එහි සිටි සිව් දෙනෙකු මිය ගොස් තවත් බොහෝ පිරිසකට තුවාල සිදුවී ඇත.
 
රිවෝල්වරයක් සහ පිස්තෝලයක් රැගත් සැකකරු පිරිස අතරින් නැගී සිට එක්වරම වෙඩි තබන්නට පටන්ගත් බව මාධ්‍ය වාර්තා කරයි.
 
පොලිසිය පැමිණෙන්නට පෙර අල්තාරය ඉදිරිපිටදී ඔහු සියදිවි හානිකරගෙන ඇත.
 
ප්‍රහාරයේ අරමුණ පැහැදිලි නොමැති බවත් තුවක්කුකරු හෝ මියගිය පුද්ගලයන් හඳුනාගෙන නොමැති බවත් පොලිසිය පවසයි.
 
(බීබීසී ඇසුරිණි - 085)