ඇමෙරිකානු - මෙක්සිකෝ දේශසීමාවට තම පියා සමඟ ග්වතමාලාවේ සිට පැමිණි වයස අවුරුදු 7 ක දැරියක සිරබාරයට ගැනීමෙන් පසු මියගිය බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.


පසුගිය සතියේ දී සංක්‍රමණිකයන් කණ්ඩායමක් සමඟ පැමිණි ගැහැණූ ළමයකු ද විජලනය සෑදී මියගිය බව වොෂින්ටන් පුවත් වාර්තා කළේය.


දේශසීමාව හරහා දස දහස් ගණනින් සංක්‍රමණිකයෝ මධ්‍යම ඇමෙරිකාවට පැමිණෙති. මොවුන් දින ගණනාවක් පුරා ආහාර සහ ජලය නොමැතිව පීඩා විදින බව දේශසීමා නිලධාරීහු පවසති.


ග්වාතමාලා, හෙන්ඩියුරාස් සහ එල් සැල්වදෝර් වැනි රටවල සිට ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් පවසා සිටිනුයේ ගෘහස්ත හිංසනයෙන් සහ දරිද්‍රතාවයෙන් පීඩා විදින බවයි.


මිය ගිය ගැහැණු දරුවා සම්බන්ධයෙන් එක්සත් ජනපද නිලධාරීන් මේ වන තෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.


නීතිවිරෝධී ලෙස තම රටට ඇතුළු වන ඕනෑම අයකු අත්අඩංගුවට ගැනීම, පිටුවහල් කිරිම හා නඩු පවරන බවට ඇමෙරිකානු නිලධාරීන් සංක්‍රමණිකයන්ට අනතුරු අඟවා තිබේ. එලෙස තිබියදීත් අපි පැමිණෙන්නේ ඇමෙරිකාවට පැමිණ පදිංචි වීම අපේ අරමුණ බව බොහෝමයක් සංක්‍රමණිකයෝ පවසති. 

(28535)