ඇමෙරිකානු - මෙක්සිකෝ දේශසීමාවට තම පියා සමඟ ග්වතමාලාවේ සිට පැමිණි වයස අවුරුදු 7 ක දැරියක සිරබාරයට ගැනීමෙන් පසු මියගිය බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ දී සංක්‍රමණිකයන් කණ්ඩායමක් සමඟ පැමිණි ගැහැණූ ළමයකු ද විජලනය සෑදී මියගිය බව වොෂින්ටන් පුවත් වාර්තා කළේය.
දේශසීමාව හරහා දස දහස් ගණනින් සංක්‍රමණිකයෝ මධ්‍යම ඇමෙරිකාවට පැමිණෙති. මොවුන් දින ගණනාවක් පුරා ආහාර සහ ජලය නොමැතිව පීඩා විදින බව දේශසීමා නිලධාරීහු පවසති.
ග්වාතමාලා, හෙන්ඩියුරාස් සහ එල් සැල්වදෝර් වැනි රටවල සිට ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් පවසා සිටිනුයේ ගෘහස්ත හිංසනයෙන් සහ දරිද්‍රතාවයෙන් පීඩා විදින බවයි.
මිය ගිය ගැහැණු දරුවා සම්බන්ධයෙන් එක්සත් ජනපද නිලධාරීන් මේ වන තෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
නීතිවිරෝධී ලෙස තම රටට ඇතුළු වන ඕනෑම අයකු අත්අඩංගුවට ගැනීම, පිටුවහල් කිරිම හා නඩු පවරන බවට ඇමෙරිකානු නිලධාරීන් සංක්‍රමණිකයන්ට අනතුරු අඟවා තිබේ. එලෙස තිබියදීත් අපි පැමිණෙන්නේ ඇමෙරිකාවට පැමිණ පදිංචි වීම අපේ අරමුණ බව බොහෝමයක් සංක්‍රමණිකයෝ පවසති.
(28535)

2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශසීමාවේ දී සිරබාරයට ගත් දැරියක් මරුට