ගාසා තීරයට එක් වී සිටින 10,000 වඩා විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ඊශ්‍රාලය හමුදාව ප්‍රහාර එල්ල කර ඇත. මෙම ප්‍රහාරවලින් විරෝධතාකරුවන් දහසක් පමණ තුවාල ලබා ඇති බව පලස්තීන මාධ්‍ය පවසයි.
තවත් 1000 පමණ පලස්තීන ජාතිකයෝ ආරක්ෂා සීමාවේ ස්ථාන කිහිපයකට රැස්ව සිටිති. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කදුළු ගෑස් සහ වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.
විරෝධතාකරුවන් 18 දෙනෙකුගේ ජීවිත අවදානම් බව ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මාර්තු මාසයේ සිට පලස්තීනුවන් සතිපතා මෙසේ විරෝධතා පවත්වා ඇත.
පලස්තීන හමාස් සංවිධානය ඊශ්‍රාලය හමුදාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා ගාසා තීරය භාවිතා කරන බවත් ආරක්ෂක වැට නොසළකා හරිමින් ප්‍රහාර එල්ල කිරීමට උත්සහ කරන බවත් ඊශ්‍රාලය චෝදනා කරයි.
හමාස් ත්‍රස්ත කණ්ඩායමක් වන අතර ඊශ්‍රාලය විනාශ කිරීමට උත්සහ කරන බවට චෝදනා ලබා ඇත.
(63226 )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd