IMG-LOGO

යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ගිවිසුමට බ්‍රිතාන්‍ය අගමැතිනිය විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරයි

ලන්ඩන්හිදීය (රොයිටර්)
 

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසුමේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ කන්සර්වේටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් අද (05) පැවැසීය. 
 
පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 80කින් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ ගිවිසුම ප්‍රතික්ෂේප වනු ඇතැයි ද හෙතෙම කීය.
 
බ්‍රිතාන්‍යයේ ‘ද ඩේලි ටෙලිග්‍රාෆ්’ පුවත්පතට අදහස් දක්වමින් ඔහු එම කරුණු සඳහන් කළේය. 
 
මෙලෙස අදහස් පළ කර ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කළ මාර්ක් හාපර්ය.
 
“බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම යනු අපේ රටට පියාපත් විසුරුවා හරිමින් කටයුතු කරන්න තිබෙන අවස්ථාවක්. එය අපේ තටු කපා දමන්නක් නොවිය යුතු” යැයි හෙතෙම කීය. 
 
“කැබිනට් මණ්ඩලයේ යෝජනා පිළිගන්න බැහැ. එම යෝජනා අපේ රටේ අවංක බවට සහ සම්පූර්ණත්වයට තර්ජනයක්. දැනට ඉදිරිපත් කර තිබෙන යෝජනාවෙන් අපි තවදුරටත් සිරවෙනවා. එය අපේ අනාගත සබඳතා දුර්වල කරනවා” යැයි ද ඔහු කීවේය. 
 
 
 
055



අදහස් (0)

යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ගිවිසුමට බ්‍රිතාන්‍ය අගමැතිනිය විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1764 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 575 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 668 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site