IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


හූති කැරැලිකරුවන් සමඟ සාකච්ඡා ඇරඹීමට පිරිසක් ස්වීඩනයට

ආඞ්න්හිදීය / ස්ටොක්හෝම්හිදීය (රොයිටර්ස්)

 
ඉරානයේ සහාය ලබන හූති කැරැලිකරුවන් සමඟ සාකච්ඡා ඇරැඹීම සඳහා සෞදියේ සහාය හිමිවන යේමන ආණ්ඩුවේ පිරිසක් අද (5) ස්වීඩනයට පැමිණියහ.
 
සිවිල් යුද්ධය හේතුවෙන් යේමනය ආර්ථික වශයෙන් විනාශයට පත්වෙමින් තිබෙන අතර සාගතයකට ද මුහුණ දී සිටි. මේ තත්ත්වය හේතුවෙන් යේමනයේ යුද්ධයට නිමාවක් උදා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධාන නව පියවර කිහිපයක් ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස සාම සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 
 
ජනාධිපති අබ්ද්-රාබු මන්සූර් හාදීගේ ආණ්ඩුව ස්ථාපිත කිරීම සඳහා සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බටහිර සහාය ලබන සන්ධාන ප්‍රමුඛ යේමන හමුදා හූති කැරැලිකරුවන්ට එරෙහිව සටන් වදිති. හූති කැරැලිකරුවන්ට ඉරානයේ සහාය හිමිවන බව පැවසේ. 
 
මේ ගැටුම හේතුවෙන් ඇති වූ සිවිල් යුද්ධය මේ වනවිට වසර හතරක් මුළුල්ලේ දිග්ගැස්සෙමින් පවතී. 


යේමනයේ පවතින සිවිල් යුද්ධය බලවත් සුන්නි මුස්ලිම් රටක් වන සෞදි අරාබිය සහ ෂියා මුස්ලිම් බහුතරයක් වෙන ඉරානය අතර පවතින යුද්ධයක් (පෙරකලාසි යුද්ධයක්) යැයි ද විචාරකයෝ පෙන්වාදෙති. 
 
 
(055)



අදහස් (0)

හූති කැරැලිකරුවන් සමඟ සාකච්ඡා ඇරඹීමට පිරිසක් ස්වීඩනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 815 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2460 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1771 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site