ආඞ්න්හිදීය / ස්ටොක්හෝම්හිදීය (රොයිටර්ස්)

 
ඉරානයේ සහාය ලබන හූති කැරැලිකරුවන් සමඟ සාකච්ඡා ඇරැඹීම සඳහා සෞදියේ සහාය හිමිවන යේමන ආණ්ඩුවේ පිරිසක් අද (5) ස්වීඩනයට පැමිණියහ.
 
සිවිල් යුද්ධය හේතුවෙන් යේමනය ආර්ථික වශයෙන් විනාශයට පත්වෙමින් තිබෙන අතර සාගතයකට ද මුහුණ දී සිටි. මේ තත්ත්වය හේතුවෙන් යේමනයේ යුද්ධයට නිමාවක් උදා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධාන නව පියවර කිහිපයක් ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස සාම සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 
 
ජනාධිපති අබ්ද්-රාබු මන්සූර් හාදීගේ ආණ්ඩුව ස්ථාපිත කිරීම සඳහා සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බටහිර සහාය ලබන සන්ධාන ප්‍රමුඛ යේමන හමුදා හූති කැරැලිකරුවන්ට එරෙහිව සටන් වදිති. හූති කැරැලිකරුවන්ට ඉරානයේ සහාය හිමිවන බව පැවසේ. 
 
මේ ගැටුම හේතුවෙන් ඇති වූ සිවිල් යුද්ධය මේ වනවිට වසර හතරක් මුළුල්ලේ දිග්ගැස්සෙමින් පවතී. 


යේමනයේ පවතින සිවිල් යුද්ධය බලවත් සුන්නි මුස්ලිම් රටක් වන සෞදි අරාබිය සහ ෂියා මුස්ලිම් බහුතරයක් වෙන ඉරානය අතර පවතින යුද්ධයක් (පෙරකලාසි යුද්ධයක්) යැයි ද විචාරකයෝ පෙන්වාදෙති. 
 
 
(055)