IMG-LOGO

‘යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ප්‍රකාශනය ඉවත් කරන්න බ්‍රිතාන්‍යයට අයිතියක් තියෙනවා’

ලන්ඩන්හිදීය (රොයිටර්ස්)
 
යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ ඉදිරිපත් කරන ලද ප්‍රකාශනය ඉවත් කරගැනීමට බ්‍රිතාන්‍යයට අයිතියක් ඇතැයි එම සංගමයේ ප්‍රධාන විනිසුරුවරයා අද (4) ප්‍රකාශ කළේය. 
 
බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ යුරෝපා සංගමයෙන් ඉවත් වීමට සැලසුම් කරමින් සිටින්නීය. යුරෝපා සංගමයේ ප්‍රධාන විනිසුරුවරයාගේ ඉහත දැනුම් දීමත් බ්‍රිතාන්‍යය අගමැතිනියට එරෙහිව නව සටන් පෙරමුණක් නිර්මාණය වී ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.
 
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳව ගිවිසුමක් නොවැම්බර් 25 වැනිදා බ්‍රසල්ස්හිදී අනුමත කරගන්නා ලද අතර එම ගිවිසුම ලබන සතියේදී බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 
 
අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වනු ඇතැයි පැවසේ. 
 
යුරෝපා සංගමයේ ප්‍රධාන විනිසුරුවරයාගේ උපදේශය බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ රැඳි සිටිය යුතු යැයි පවසන පිරිස ධෛර්යට පත්කරනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති. 
 
ලබන මාර්තු මාසයේදී යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසුව සමීප ආර්ථික සබඳතා පවත්වාගැනීම පිළිබඳ පළමු දින පහේදී විවාදය පැවැත්වීමට නියමිතය. 
 
දෙසැම්බර් 11 වැනිදා මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වේ. පාර්ලිමේන්තුවේදී යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය අනුමත කරන ලද ගිවිසුම බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ.
 
බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ එය අනුමත කරගැනීමේ අරගලයකට මුහුණ දී සිටින්නීය. අගමැතිනිය ඉදිරිපත් කරන ලද සැලසුමට විරුද්ධවාදීන්ගෙන් මෙන්ම බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට සහයෝගය දක්වන පාර්ශවයෙන් ද එක හා සමානව විරෝධතා හා විවේචන එල්ල වී තිබේ. 
 
 
055



අදහස් (0)

‘යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ප්‍රකාශනය ඉවත් කරන්න බ්‍රිතාන්‍යයට අයිතියක් තියෙනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1764 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 575 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 668 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site