වතිකාන නගරයේදීය (රොයිටර්ස්)
ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රයලයේ පිහිටි ඔවුන්ගේ තානාපති කාර්යාලය ජෙරුසලෙමට ගෙන යෑමෙන් පසු පළමුවරට අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සහ පලස්තීන ජනාධිපති මහමූද් අබ්බාස් අතර හමුවක් අද (3) සිදුවිණි.
එහිදි ජෙරුසලෙමේ තත්ත්වය පිළිබඳ පාප්වහන්සේ සහ වතිකානය අවධානය යොමු කර ඇතැයි ද පැවසේ.
ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ පිහිට තම තානාපති කාර්යාලය ජෙරුසලෙමට රැගෙන යෑමත් සමඟ ජාත්‍යන්තරය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු වූ අතර මිත්‍ර රටවලින් ද ඇමෙරිකාවට තරමක විවේචනයක් එල්ල විය.
පාප් වහන්සේ සහ පලස්තීන ජනාධිපතිවරයා එකිනෙකා බදාගනිමින් සුහදතාව පළ කළ අතර විනාඩි 20කට ආසන්න කාලයක් පෞද්ගලික සාකච්ඡාවක් ද පැවැත්වූහ. වතිකානයේ පාප්වහන්සේ රැඳි සිටින මාලිගයේ පුස්තකාලයේදී එම සාකච්ඡාව පැවැත්විණි.
ක්‍රිස්තියානි, යුදෙව් සහ ඉස්ලාම් යන ආගම් තුනේ මූලාරම්භය සනිටුවහන් වී තිබෙන ශුද්ධ නගරය වන ජෙරුසලෙම විශ්වීය වටිනාකමක් සහිත නගරයක් බවත් එහි අනන්‍යතාව හඳුනාගැනීම සහ ආරක්ෂා කරගැනීම ඉතා වැදගත් බවත් පාප් වහන්සේ සහ පලස්තීන ජනාධිපතිවරයා අතර සාකච්ඡාවේදී විශේෂයෙන් සාකච්ඡා කෙරුණු බව හමුව පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් වතිකානය සඳහන් කළේය.
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පාප්වහන්සේ පලස්තීන ජනාධිපති හමුවෙයි