කීව්හිදීය (රොයිටර්)
පාර්ලිමේන්තුව රට තුළ යුද නීතිය ප්‍රකාශ කළ යුතු යැයි යුක්රේන ජනාධිපති පෙට්‍රෝ පොරොෂෙන්කෝ අද (26) ප්‍රකාශ කළේය.
රුසියාව කළු මුහුදේදී යුක්රේනයට අයත් නාවික යාත්‍රා තුනකට ප්‍රහාර එල්ල කර තම ග්‍රහණයට ගැනීමත් සමඟ යුක්රේන ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
යුද නීතිය ප්‍රකාශ කරනවාද නැද්ද යන්න පිළිබඳව පාර්ලිමේන්තුව තීරණය කළ යුතු යැයි ද හෙතෙම කීය.
යුද නීතිය ප්‍රකාශ කිරීමෙන් සිවිල් අයිතිවාසිකම් සහ නිදහස සීමාවන අතර රාජ්‍ය ආයතනවලට වැඩි බලයක් හිමිවනු ඇත.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd