පරිසර හිතකාමී සංචාරක කලාපයක ඉදිකිරීම් හේතුවෙන් ස්ට්‍රෝජියන් නම් දුර්ලභ මසුන් 6000ක් පමණ මියගොස් ඇතැයි චීනයේ හුබේ පළාතෙන් වාර්තා වේ.
යොන්ස්ටර් ගංගාව හරහා ඉදිකරන පාලමක් ආසන්නයේ මෙම මසුන්ගේ අභිජනන කළාපයක් පිහිටා තිබීම හේතුවෙන් මෙම ගැටලුව පැනනැගී ඇත.
පාලමේ ඉදිකිරීම් වලින් සිදුවන කම්පන සහ අධික ශබ්දයත් ජල මූලාශ්‍රයේ සිදුවන විපර්යාසත් මසුන් මියයෑමට සෘජුවම බලපා ඇති බවට චෝදනා එල්ල වී ඇත.
කෙසේ වුවද මෙම කළාපයේ ඉදිකිරීම් සියල්ල අත්හිටුවා සමීක්ෂණයක් සිදුකිරිමට නියෝග කර ඇත.
මෙම චින ස්ට්‍රෝජන් විශේෂය අවුරුදු මිලියන 140ක් තරම් ඈත අතීතයේ සිට පැවතෙන බවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින බවත් සඳහන් වේ. අවුරුදු 60ක පමණ ආයු කාලයක් සහිත මෙම සතුන් මීටර් පහක් පමණ දිගින් වැඩෙයි. කෙසේ වුවද මොවුන් ජීවිත කාලයටම බිත්තර දමන්නේ කිහිප වතාවකි.
(බීබිසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd