ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව පැරිස් නුවර සුප්‍රකට ෂාම්ප්ස් - එලිසී වීදි ඔස්සේ ඉදිරියට ඇදුණු විරෝධතාකරුවන්ට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර වැඩිවන ඉන්ධන මිලට විරෝධය පා පැවති විරෝධතාවලදී පොලිසියට පහර දුන් විරෝධතාකරුවන් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ දැඩි විචේචනයට ලක්විය.
මීට සතියකට පෙර ආරම්භ කළ විරෝධතා මාලාවේ දෙවැනි පියවර මෙය වේ. මොවුන් කහ පැහැති ජැකට් පැළඳ සිටිම විශේෂත්වයක් විය.
විශේෂයෙන්ම ඩීසල් මිල ඉහළ යාම නිසා ප්‍රංශයේ ග්‍රාමීය ප්‍රදේශවල ජිවන වියදම ඉහළ යාම මෙම විරෝධතාවලට ප්‍රධාන හේතුව ලෙස සැලකේ.
ප්‍රංශයේ විවිධ ප්‍රදේශවල සාමාකාමී විරෝධතාවයන් පැවති බවත් පැරිස් නුවර පැවති විරෝධතාවය සඳහා 8000 කට වැඩි පිරිසක් එක්වු බවත් මෙම විරෝධතාවය පමණක් ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
(28535)
(බීබීසී ඇසුරෙනි)


2025 නොවැම්බර් මස 04
766
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2408
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රංශ විරෝධතාකරුවන්ට පොලිසියෙන් කඳුළු ගෑස්