මෙක්සිකෝ දේශසීමාවෙන් අනවසරෙන් ඇමෙරිකාවට ඇතුළු වීමට උත්සහ කළ සංක්‍රමණිකයන් 500 දෙනෙකු පිටුවහල් කිරිමට මොක්සිකෝව කටයුතු කර තිබේ.  


ග්වාතමාලා, එල් සැල්වදෝර්, හොන්ඩියුරාස් ආදී මධ්‍යම ඇමෙරිකානු රටවල සිට මොක්සිකෝවට පැමිණි සංක්‍රමණිකයන් මෙලෙස පිටුවහල් කර ඇති බව වාර්තා වෙයි.


ටිජුආනා දේශසීමාවේ ආක්‍රමණකාරී ලෙස හැසිරුණු සංක්‍රමණිකයන්ට  පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී.
මෙම පිරිස් අතර කාන්තාවන්, කුඩා ළමයින් ඇතුළු විශාල පිරිසක් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(28535)