යටත්විජිත සමයේදී කොල්ල කන ලද කලා නිර්මාණ නැවත අප්‍රිකාවට ලබාදීමට ප්‍රංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ප්‍රංශය ගැනීමට යන මෙම පියවරත් සමඟ අනෙකුත් යටත්විජිත බලවතුන්ට ද එම පියවර අනුගමනය කිරීමට පීඩනයක් එල්ල වනු ඇතැයි ඉතිහාසඥයෝ හා විචාරකයෝ පෙන්වාදෙති.
විශේෂඥ වාර්තාවක් සලකා බලමින් ප්‍රංශයේ තිබෙන අප්‍රිකාවට අයත් නිදන්, අනෙකුත් වස්තු හා වටින ද්‍රව්‍ය සහ කලා නිර්මාණ එලෙස නැවත අප්‍රිකාවට ලබාදීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.
ප්‍රංශයේ මෙම රැඩිකල් ප්‍රතිපත්තිමය තීරණය අප්‍රිකාවේ කෞතුකාගාරවල අධ්‍යක්ෂවරුන්ගේ සතුටට හේතු වී තිබෙන අතර යටත්විජිත සමයේ බලවතුන්ට පීඩනයක් එල්ල කරනු ඇතැයි පැවසේ.
යටත්විජිත සමයේදී ප්‍රංශයට ගෙන යන ලද කලා නිර්මාණ, වටිනා වස්තු යනාදිය නැවත අප්‍රිකාවේ ප්‍රත්‍යස්ථාපනය (නැවත ලබාදෙන්න) කරන්නැයි අප්‍රිකාවෙන් විශාල ඉල්ලීමක් තිබිණි. අඛණ්ඩව එවැනි ඉල්ලීම් තිබුණ ද ප්‍රංශයේ රාජ්‍ය දේපළ සම්බන්ධ නීති නිසා එසේ සිදු කළ නොහැකි විය.
අප්‍රිකාවෙන් ගෙන ලද කලා නිර්මාණ ඇතුළු සියලු වස්තු මේ වනවිට ප්‍රංශයේ රාජ්‍ය දේපළ බවට පත්ව ඇත. ප්‍රංශය නීතිය අනුව රාජ්‍ය දේපළ රටින් පිට කිරීම බරපතළ වරදකි. නීත්‍යනුකූලව ලිපි ලේඛන සකසා එසේ කිරීම ද පහසු නැතැයි පැවසේ.
මේ සියල්ලට හේතු වූයේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පසුගිය වසරේදී කරන ලද ප්‍රකාශයකි.
“අප්‍රිකාවේ උරුමය යුරෝපයේ පෞද්ගලික එකතූන් හෝ කෞතුකාගාරවලට පමණක් සීමා නොවිය යුතු” යැයි ප්‍රංශ ජනාධිපතිවරයා පසුගිය වසරේදී බුර්කිනා ෆාසෝහිදි පැවැසීය.
මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් සකසන්නැයි ප්‍රංශ ජනාධිපතිවරයා එරට කලා ඉතිහාසඥයකු වන බෙන්ඩික්ටේ සැවෝයි සහ සෙනගාල ලේඛකයකු වන ෆෙල්වින් ෆාර් යන දෙදෙනාට උපදෙස් දුන්නේය. අදාළ වාර්තාව සිකුරාදා (23) ජනාධිපති මැක්රෝන්ට ලබාදීමට නියමිතව තිබිණි.
අදාළ වාර්තාවේ පිටපතක් ප්‍රංශ පුවත් සේවයට ලැබුණු අතර ප්‍රංශය සහ අප්‍රිකාව අතර ද්විපාර්ශවීය එකඟතාවක් ඇති කරගතහොත් සංස්කෘතික සහ කලා නිර්මාණ ප්‍රත්‍යස්ථාපනය කිරීම සඳහා ප්‍රංශ නීතිරීතිවල සංශෝධන කළ යුතු බව අදාළ වාර්තාවෙන් නිර්දේශ කර ඇත.
ප්‍රංශ යටත්විජිත සමයේදී අදාළ කලා නිර්මාණ යනාදිය කෞතුකාගාරවලින් ඒවා ප්‍රංශයට ගෙන්වා ගන්නා ලද මුල් ස්ථානවලටම යවන්නේ නම් පමණක් එම වෙනස කළ යුතු බව ද වාර්තාවේ සඳහන්ව ඇත.
ඒ.එෆ්.පී
055




2025 නොවැම්බර් මස 04
766
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2408
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යටත්විජිත යුගයේ කොල්ලකෑ කලා නිර්මාණ නැවත අප්‍රිකාවට
Nuwan Saturday, 24 November 2018 11:43 AM
ලංකාවේ දේවල් නම් වැරදිලාවත් එවන්න එපා මෙහෙට පින් සිද්දවෙයි තියන රටකම තියාගන්න , කන්ගැට්ටෝ ඉන්න රටක් මේ