රටේ කම්කරු හිඟය නිසා විදේශීය ශ්‍රමිකයන් 345,000 කට 2023 දී රැකියා ලබාදීමට ජපන් රජය අපේක්ෂා කරයි.
අප්‍රේල් මාසයේ දී සංක්‍රමණික නීති සංශෝධනය වන විට නව විදේශීය ශ්‍රමිකයන් කීදෙනෙකු අපේක්ෂා කරන්නේ දැයි විපක්ෂයේ පැනයකට පිළිතුරු දෙමින් ජපන් රජය මෙසේ පවසා ඇත.
කම්කරු හිඟය වැළැක්වීමට ශ්‍රමිකයන් 586,000 අවශ්‍ය බව ජපන් රජය පවසයි. 2019 අප්‍රේල් මාසය වන විට විදෙස් ශ්‍රමිකයන් 30,000ත් 48,000ත් අතර ශ්‍රමිකයන් ප්‍රමාණයක් අපේක්ෂා කරයි.
ඒ අනුව ශ්‍රමිකයන් 7,300 ක් කෘෂි කර්මාන්තයටද,7,000 ක් ගොඩනැගිලි පිරිසිදු කිරීමටඳ, 6,800 ආහාර හා පාන වර්ග නිෂ්පාදනය සඳහා යෙදවීමට බලාපොරොත්තු වෙයි.
2023 අප්‍රේල් සිට ආරම්භ වන මූල්‍ය වර්ෂය තුළදී කම්කරු හිඟය මිලියන 1.45 දක්වා වර්ධනය වනු ඇත. එම කාලය තුළ 263,000 ත් 345,000 ත් අතර ශ්‍රමික සංඛ්‍යාවක් ජපානයට පැමිණෙතැයි රජය අපේක්ෂා කරයි.
ඒ අතරින් හෙද රැකවරණය සඳහා ශ්‍රමිකයන් 60,000 ක් ද, ආපනශාලා සේවය සඳහා 53,000 ක් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ශ්‍රමිකයන් 40,000 ක් යෙදවීමට බලාපොරොත්තු වෙයි.
63226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd