ඇෆ්ගනිස්ථානයේ බටහිර ඉරාන දේශසීමාවේ පිහිටි මුරපලකට තලේබාන් සටන්කාමීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් රජයේ හමුදා සාමාජිකයන් 20ක් මියගොස් ඇතැයි වාර්තා වේ.

බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවද වාර්තා වී ඇත.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මුරපොලෙහි හමුදා සාමාජිකයින් 50ක් පමණ සිටි බව බලධාරීහු පවසති.

මෙම දේශසීමාවේ මාස ගණනක සිට දරුණු සටන් ඇතිවෙන බව පැවසේ.

(රොයිටර් පුවත් ඇසුරිනි - 085)