කැමරූන්හි පැහැරගත් පාසැල් දරුවන් සහ රියදුරා නිදහස් කර ඇති අතර පාසලේ විදුහල්පතිතුමා සහ ගුරුවරයෙකු තවදුරටත් රඳවා තබාගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය සඳුදා (05) අවිගත් පිරිසක් විසින් මෙම දරුවන් 78දෙනා පැහැරගෙන ගිය අතර ඇන්ග්ලොෆෝන් නම් බෙදුම්වාදී කල්ලියට මේ සම්බන්ධව චෝදනා එල්ල විය.
කෙසේ වුවද මොවුන් පැහැරගත් ස්ථානයට කිලෝමීටර් 18ක් දුරින් බැෆුට් නගරයේදී නිදහස් කර ඇත.
දරුවන්ගේ ඇඳුම් කිලිටි වී තිබූ බවද ඔවුන් අධික වෙහෙසකර බවක් පෙන්වූ බවද බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd