එංගලන්තයට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් සසෙක්ස් ප්‍රාන්තයේ නිව්හැවන් වරායේ නවතා තිබූ ලොරියක ශීත කාමරයේ සැඟවී  සිටි 25 දෙනකු සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
මොවුන් අතර අවුරුදු 12 වයසේ පසුවන දරුවන් 15දෙනකු ද සිටින බව පොලිසිය පවසයි.
 
මොවුන් වියට්නාම් ජාතිකයින් බවට විශ්වාස කෙරෙන අතර වතුර බෝතල් පැටවූ ලොරියේ සැඟවී පැමිණ ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
නීති විරෝධීව ඇතුළුවීමට උත්සාහ කිරීම හේතුවෙන් ලොරියේ රියදුරු  අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවන් සියලුදෙනා සමාජ සේවා ආයතනයක බාරයට පත්කර ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)