වොෂින්ටන්හිදීය/ඩුබායිහිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපදය දැඩි විරෝධය මධ්‍යයේ අද (5) නැවත වරක් ඉරානයට සම්බාධක පැනවීය. නව සම්බාධකවලට අමතරව අත්හිටුවා තිබූ පැරැණි සම්බාධක නැවත ක්‍රියාත්මක කරමින් ඉරානයට ඉදිරියේදීත් සම්බාධක පනවන බවට ද ඇමෙරිකා එක්සත් ජනපදය අනතුරු ඇඟවීය.
ඉරානය ඇමෙරිකා එක්සත් ජනපදයට ප්‍රබල විරෝධයක් පළ කළ අතර ඉරානයට සම්බාධක පැනවීමට ඇමෙරිකාව ගත් පියවර ආර්ථික යුද්ධයක් යැයි ද ඊට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වන්නේ යැයි ද ඉරානය ප්‍රකාශ කළේය.
ඉරානයේ මිසයිල සහ න්‍යෂ්ටික වැඩසටහන් සීමා කිරීමේ අරමුණින් සහ ඉරානය මැද පෙරදිග කලාපයට කරන බලපෑම් සීමා කිරීමේ අරමුණින් එලෙස සම්බාධක පැනවූ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සම්බාධක පනවමින් පැවැසීය.
“ඉරාන රෙජීමයට තියෙන්නේ එක තේරීමයි. අංශ 180ක් කැරකී සාමාන්‍ය රටක් විය හැකියි. නැතිනම් ඔවුන්ට ඔවුන්ගේ ආර්ථිකය විනාශ වී යනවා බලන්න පුළුවන්” ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ කීය.
ඇමෙරිකා එක්සත් ජනපදය, ඉරානය සහ ලෝක බලවතුන්ගේ සහභාගීත්වයෙන් 2015 වසරේදී ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට’ අත්සන් තැබිණි. එම ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු එවකට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරැක් ඔබාමා ඉරානයට පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට පියවර ගත්තේය. එහෙත් පසුගිය මැයි මාසයේදී ඉරානය අදාළ ගිවිසුම කඩ කර ඇති බවට චෝදනා කරමින් වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් කරගත්තේය. ඊට අමතරව පසුගිය මාස කිහිපයේදී අවස්ථා කිහිපයකදී ඉරානයට සම්බාධක පැනවීය.
මෙවර නව සම්බාධකවලට අමතරව 2015 වසරේදී ඉවත් කරන ලද සම්බාධක නැවත පැනවීමට ද ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගත්තේය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd