කැමරූන් රාජ්‍යයේ වයඹ දිග බමෙන්ඩාහි පාසලක නේවාසිකාගාරයකින් දරුවන් 79දෙනකු සහ තවත් තිදෙනකු පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
පැහැරගෛන ගිය අය අතර පාසලේ විදුහල්පතිවරයා ද සිටින බව බලධාරීහු පවසති. මේ වන විට මොවුන් සොයා දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇති බව කැමරූන් හමුදාව පවසයි.
මෙම දරුවන් වයස අවුරුදු 10ත් 14ත් අතර වයසේ පසුවන පිරිමි දරුවන් බව පැවසේ.
මොවුන් කුඩා කාමරයක සිරකරගෙන සිටින බව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරනය වන බව පොලිසිය වාර්තා කර ඇත.
ප්‍රදේශයේ ආණ්ඩුකාර ඇඩොල්ෆ් ලිලී පවසන්නේ කැමරූන්හි ක්‍රියාත්මක කැරළි කණ්ඩායම් මෙම පැහැරගෙන යෑම පසුපස සිටින බවයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd