IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන්නැයි ඉල්ලා පැරීසියේදී උද්ඝෝෂණයක්

ශ්‍රී ලංකා රජයේ වර්තමානයේ උද්ගතවී ඇති දේශපාලනික අස්ථාවර බව හා ඉදිරියේ ඇති අභියෝග ප‍්‍රධාන කොට ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරනු” යනුවෙන් සිංහල,දෙමල,මුස්ලිම් පිරිසක් (04) වැනි දා පැරීසියේ කළාප අංක 18 හී පුංචි යාපනය ලෙස හඳුන්වන ලාචැපල් නම් ප‍්‍රදේශයේ උමං දුම්රිය පොළ අසලදී උද්ඝෝෂණයක නිරත වූහ.

මෙම උද්ඝෝෂනයට සිංහල,දෙමල,මුස්ලිම් විශාල පිරිසක් සහභාගී වූ අතර පැරීසියේ පවත්වා ගෙන යන එක්සත් ජාතික පක්ෂ ශාඛාවන් හා දෙමල , මුස්ලිම් සංවිධාන විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.   

වර්තමාන ශ්‍රී ලාංකික දේශපාලන අර්බූදයට විසඳුමක් ලෙස හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවා සුදුසු පුද්ගලයෙකු අගමැතිවරයා ලෙස තෝරා පත් කර රටේ සාමය ස්ථාපිත කොට ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සඳහා හැකි ඉක්මනින් මේ සඳහා මැදිහත් වන ලෙස රටේ විධායකයට හා කතානායක වරයාට බල කරමින් අත්සන් කල පෙත්සමක් ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිට භාර දීමද මෙහිදී  සිදු කෙරිණි.

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)



අදහස් (4)

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන්නැයි ඉල්ලා පැරීසියේදී උද්ඝෝෂණයක්

kavinga Monday, 05 November 2018 03:51 PM

මේක ජන රැළියක් නොවෙයි.

:       0       100

රමණි - පැරිස් 16Tuesday, 06 November 2018 03:03 PM

කවීන්ග ඔබනම් හරි.

:       0       42

hafik - laa koraneu Monday, 05 November 2018 04:24 PM

ඔබලාගේ සටනට මගෙන් ආශීර්වාදය.

:       273       407

අජිත් රණසිංහ Monday, 05 November 2018 08:20 PM

"අපි අපේ යුතුකම ඉටුකලා" ලෝකයේ අනිත් රටවල සිටින ප්‍රජතාන්තර වාදය අගයන අයගේ නෙත් විවර වේවා ! අජිත් රණසිංහ පැරිස්

:       291       242

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site