ශ්‍රී ලංකා රජයේ වර්තමානයේ උද්ගතවී ඇති දේශපාලනික අස්ථාවර බව හා ඉදිරියේ ඇති අභියෝග ප‍්‍රධාන කොට ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරනු” යනුවෙන් සිංහල,දෙමල,මුස්ලිම් පිරිසක් (04) වැනි දා පැරීසියේ කළාප අංක 18 හී පුංචි යාපනය ලෙස හඳුන්වන ලාචැපල් නම් ප‍්‍රදේශයේ උමං දුම්රිය පොළ අසලදී උද්ඝෝෂණයක නිරත වූහ.

මෙම උද්ඝෝෂනයට සිංහල,දෙමල,මුස්ලිම් විශාල පිරිසක් සහභාගී වූ අතර පැරීසියේ පවත්වා ගෙන යන එක්සත් ජාතික පක්ෂ ශාඛාවන් හා දෙමල , මුස්ලිම් සංවිධාන විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.   

වර්තමාන ශ්‍රී ලාංකික දේශපාලන අර්බූදයට විසඳුමක් ලෙස හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවා සුදුසු පුද්ගලයෙකු අගමැතිවරයා ලෙස තෝරා පත් කර රටේ සාමය ස්ථාපිත කොට ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සඳහා හැකි ඉක්මනින් මේ සඳහා මැදිහත් වන ලෙස රටේ විධායකයට හා කතානායක වරයාට බල කරමින් අත්සන් කල පෙත්සමක් ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිට භාර දීමද මෙහිදී  සිදු කෙරිණි.

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)