අන්තරේ ලහිරු හා ටැම්පිටියේ හිමි යළි රිමාන්ඩ් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි ලබන ඔක්තෝබර් 31වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(26) නියෝග කළේය. 8 years ago
පොලිස්පතිට දේශපාලන බලපෑම් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට දුන්නේ යැයි කියන ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ හිමිකාරිය වු අනිකා විජේසුරිය මහත්මියට රවී කරුණානායක මහතාගේ සමීප ඥාතියකු බව කියන පුද්ගලයකුගෙන් එල්ල වු බව කියන ජීවිත තර්ජන පිළිබඳ පරීක්ෂණ රහස් පොලිසියෙන් ඉවත් කරන්නැයි පොලිස්පතිවරයාට දේශපාලන බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ. 8 years ago
අවම ප්‍රමිතිය වෙනස් නොකරන්න වෛද්‍ය සභාව තීරණය කරයි වෛද්‍ය විද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දැනට ඇති ප්‍රමිතිය වෙනස් නොකිරීමට තීරණය කළ බව වෛද්‍ය සභාවේ සභාපති ආචාර්ය කොල්වින් ගුණරත්න මහතා කියයි. 8 years ago
පුංචි ඡන්දය ජනවාරියේ : පක්ෂ නායක තීරණයක් පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (24) සවස පැවැති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. 8 years ago
විදේශ රැකියා අමාත්‍යාංශ ලිපි ශීර්ෂ යොදාගෙන කිරිපිටි වංචාවක් විදේශ රැකියා අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් ප්‍රසිද්ධ කිරිපිටි සමාගමකින් රුපියල් 13,77,750 ක් වටිනා කිරිපිටි පැකට් 3500 ක් වංචා කිරීමේ සිද්ධියක් පිළිබඳ එම අමාත්‍යංශය අභ්‍යන්තර පරික්ෂණයක් අරඹා ඇත. 8 years ago
අලුත් ව්‍යවස්ථාව ගැන නීතීඥ සංගමයෙන් ප්‍රශ්න පත්‍රයක් ආණුඩුක්රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යන වගන්තීන් වලින් ‘ඒකීය රාජ්‍ය‘ ව්‍යුහය ‘පෙඩරල්‘ ව්‍යුහයක් දක්වා පරිවර්ථනයකට ලක් වන්නේදැයි සැක කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන්නැයි ඉල්ලමින් රජයට ප්‍රශ්නාවලියක් යොමු කොට ඇත. 8 years ago
බැඳුම්කර කොමිසමේ කාලය දිගුකරන්නැයි ඉල්ලයි භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය දීර්ඝ කිරීම පිළිබඳව මෙතෙක් තමන්ට කිසිදු දැනුම් දීමක් කොට නැතැයි භාණ්ඩාගාර බැඳුම්කර කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා අද දැනුම් දුන්නේය. 8 years ago
රයන් ජයලත්ට ඇප සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී එහි දේපල රුපියල් ලක්ෂ 15 කට අධික අලාභයක් කරන ලදැයි රිමාන්ඩ් බාරයට පත් කර සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී මණ්ඩලයේ කැඳවුම්කරු රයන් ජයලත්ට රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇපයක් මත මුදා හැරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා නියෝග කළේය. 8 years ago
කෝට්ටේ සංඝ සභාවත් ව්‍යවස්ථාව එපා කියයි මේ අවස්ථාවේ ව්‍යවස්ථාවක් සෑදීමට වඩා රටේ වෙනත් ප්‍රශ්න තිබෙන බවත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි තම සංඝ සභාව තීන්දු කළ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ කෝට්ටේ පාර්ශ්වයේ අනු නායක බෙල්ලන්විල විමලරතන හිමියෝ පැවසූහ. 8 years ago
කෝටි 26කට දළදා මාලිගාවට අලියෙක් අරං විවෘත වෙළඳ පොළෙන් රුපියල් කෝටියත් එකහමාරත් අතර මිලකට අලියෙකු මිලදී ගැනීමට හැකියාව තිබියදී දළදා මාලිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි විසිහයාමාරකට අධික මුදලක් වැය කිරීමෙන් විශාල වංචාවක් සිදු කොට ඇති බව ඒක පුද්ගල විමර්ශන කමිටුවක් මඟින් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට දැනුම් දී ඇත. 8 years ago
‘වත්මන් රජය සංඝයාට ගරහනවා‘ - ගැටඹේ නාහිමි රට ව්‍යවසනයකට ගමන් කරන විට මහා සංඝයා එක්ව ඒවාට පිළියම් ඉදිරිපත් කරන බවත් එය අතීතයේ සිට සිදුවු දෙයක් බවත් එලෙස රට රැකගන්නට ඉදිරියට එන මහා සංඝයාට අපහාස වන අයුරින් වත්මන් රජය සංඝයා වහන්සේලාට ගරහන බවත් ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවැසූහ. 8 years ago
‘උතුරු මැද හොර පත්වීම් දීලා‘ - එස්.එම්.රංජිත් උතුරු මැද පළාත් සභාවේ නිල කාලය අවසන් වීමෙන් පසුව සියලු නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් උතුරු මැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට බඳවා ගැනිමේ පරිපාටියද උල්ලංඝනය කරමින් සේවකයන් 25 දෙනකු බඳවා ගෙන ඇති බව උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා පවසයි. 8 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago