(නිමන්ති රණසිංහ)
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් ඖෂධී පලිසේන යන අයවලූන් බන්ධනාගාරයේ රඳවා තබා ඇති එච් වාට්ටුව තුළ තිබී ජංගම දුරකතන තුනක් සහ සිම් කාඞ් පත් පහක් බන්ධනාගාර විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසටර් ජනරාල් ජනාධිපති නිතිඥ යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට සදහන් කළේය.
ජනාධිපති නිතීඥවරයා එලෙස සදහන් කරනු ලැබුවේ ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක‍්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියට අදාළව කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ මෙම නඩුව යළි කැදවූ අවස්ථාවේදීය.
අදාළ සිම් කාඞ්පත්වලට අදාළව දුරකතන වාර්තා කැදවා සහ විශේෂ විමර්ශනයක් පවත්වනු ලබන බවද මෙහිදී ජනාධිපති නිතීඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.
එසේම, මෙහි සැකකරුවන් දෙදෙනා ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ අධිකරණය සිද්ධියට අදාළ නඩුව එතෙක් කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම එක වාට්ටුවේ නම් මොනවටද දුරකථන.
මහ බැංකුවට වැඩක් දුන්න මහත්වරුන්ට ඕක වැඩක්ද.?
මේ දෙන්න වාට්ටුවේ ඉන්නේ මොකක්ද ලෙඩේ. ඉස්සෙල්ල ඒක හොයලා ඉන්න. බැංකු හොරකමේ යද්දී මෙලෝ ලෙඩ තිබ්බේ නැති අය හිරේ ගිය දවසේ ඉඳන් ඇඳේ. මොන සැපද.
බලනකොට රටේ හැම කෙනාටම සල්ලි දීලා අපිට හැර.
මේක පුදුම කතාවක්නේ. අපිද ඇතුලට ඕවා ගෙනියන්නේ. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගෙයි. අපිට නම් හිනා.
මේ දෙන්නට ඇප දුන්නොත් කොහොම තියෙයිද?
අපරාධ පරීක්ෂණ සහ FCID එක නොමග යවන්න ගහපු ගැටයක් වෙන්න ඇති මේකත්. මේ දෙන්නා වාට්ටුවකට දැම්මේ මොන මහ ලෙඩක් හැදිලද? ආණ්ඩුවේ බෝඩිමේ මේ දෙන්නා එකට දාන්න අවසර දුන්නේ කවුද? අනේ මෙහෙම රටක්!!!!
ඔවා අල්ලන්න බෑ. වයිබර් වගේ ඒවයින් තමයි විශේෂ කථා කරන්න ඇත්තේ
අනේ, අතේ තිබිච්ච සල්ලි ටික රටේ ඉන්න ඔක්කොම ලොකු ලොක්කන්ට දන් දීලා අතේ සතයක් නැතුව හිරේ විලංගුවේ දුක් විඳින මේ අහිංසකයෝ කබල් සෙල්ෆෝන් ටිකක්වත් විකුණලා කීයක් හරි හොයා ගන්න හදන කොට මේ මහත්තුරු කියන කතාවල හැටි.