(අංජුල මහික වීරරත්න)
පළාත් සභා මැතිවරණය මේ වසරේ දෙසැම්බරයේ ස්ථිර වශයෙන්ම පැවැත්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇත.
පළාත් සභා මැතිවරණය දෙසැම්බර් මාසයේදී පැවැත්විමට ගත යුතු මුලික පියවර ලෙස පක්ෂ නායකයිනගේ අදහස් දැන ගැනිමට හැකි ඉක්මනින් පක්ෂ නායක රැස්විමක් කැඳවන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසුරිය මහතාට මේ වන විටත් දැනුම් දී තිබේ.
ඊට අමතරව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාත් ස්වාධින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා දෙසැම්බර් වන විට මැතිවරණය පැවැත්වීමට මුලික පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා දුන් උපදෙස්වල වැඩිදුරටත් සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔය ඡන්දෙ එනකල් තමයි මඟ බලාගෙන ඉන්නේ. අපි දෙන්නේ උත්තර, උතුරු දකුණ මාරු වෙන්න කට්ටියට......
බලයට ආවේනම් රට තිබුනට වඩා දියුණු කරනවා කියල. දියුණුව කෙසේ වෙතත් වෙලාවට මැතිවරණයක්වත් තියාගන්න බැරි අසමත් ආණ්ඩුවක් මේක.
ඒ කියන්නේ අගමැති කිවුවොත් තමයි ඡන්දෙ තියෙන්නේ. ඔය එන්නේ කටින්ම කව්රුන්ද පරක්කු කරේ කියල.......
බලන් ඉදපල්ලා දෙසැම්බර් හම්බවෙයි හොද ටොපියක්